බිහිසුණු අනතුරක්! 26ක් තුවාල! හතරකට බරපතලයි

කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙම අනතුරෙන් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් කෑගල්ල සහ වරකාපොල රෝහල්වලට ඇතුළත් කරන ලද බවයි වාර්තා වුණේ.

තුවාලකරුවන් අතරින් 4 දෙනෙකුගෙ තත්වය බරපතල බවත්, තිදෙනෙකු සැත්කම් සඳහා යොමු කළ බවත් විශ්වාස කටයුතු රෝහල් ආරංචි මාර්ගයක් හරහා වාර්තා වුණා.

අද (21) අලුයම 5.00ට පමණ වේරගොඩ සිට කෑගල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ කෑගල්ල සිට රත්නපුරය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s