විදුලිබල සමිති 28ක් හෙට ලෙඩ වෙයි! දැවැන්ත විරෝධතාවක්

අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28ක නියෝජිතයින් හෙට විරෝධතාවක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධන සහිතව යළිත් සම්මත කරගැනීමට වත්මන් ආණ්ඩුවේ සූදානමක් ඇති බවට පවසමින්.

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසන්නේ යෝජිත විදුලි බල පනත හකුලාගන්නා තෙක් අඛණ්ඩව සටන් වැදීමට සූදානම් බවයි.

මෙම විරෝධයේ පළමු අදියර හෙට ආරම්භ කරන බව අද ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් සඳහන් කලා.

මේ අතර, හෙට වෘත්තීය සමිති ගැනීමට නියමිත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දක්වන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයද නිවේදනය කොට තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s