
බංග්ලාදේශයේ ඩකා අගනුවරින් ගුවන් අනතුරක් වාර්තා වී තිබෙනවා.
අද (21) දහවල් කාලයේ මෙම අනතුර වාර්තා වුණේ ඩකා නුවර උත්තරා ප්‍රදේශයෙන්.
බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් F-7 ඹ්ඝෛ වර්ගයේ පුහුණු ජෙට් යානයක් එම ප්‍රදේශයේ පිහිටි මයිල්ස්ටෝන් විද්‍යාල භූමියට කඩා වැටීමෙනුඉ මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, 13 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් 04 දෙනෙකුගේ තත්වය බරපතල බවත් කියැවෙනවා.
යානය පාසල් භූමියේ ප්‍රධාන දොරටුව සහ ඒ ආසන්නයේ වූ ගොඩනැගිලි මතට කඩා වැටී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.
මේ අතර වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගොඩ බැස්වීමකට සුදානමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරකට ලක්ව ඇති පුවතක්ද වාර්තා වුණා.
මෙම පුවත වාර්තා වුණේ ඉන්දියාවෙ මුම්බායි නගරයෙන්.
විදෙස් මාධ්‍ය පවසන ආකාරයට, ගුවන් යානය ගොඩබෑමේදී ගුවන් පථයෙන් ඉවතට පැන ඇති අතර ඉන් ගුවන් යානයේ එන්ජිමට සහ පසුපස කොටසට හානි සිදුව තිබෙනවා.
මෙම අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර ධාවන පථයට සුළු හානි සිදු වී ඇති බව සඳහන්.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s