සජබෙ මන්ත්‍රී පුතාට ඇප නෑ!

නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ළඟතබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සජබෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතාන එළඹෙන අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.

අද (20) මතුගම මහෙස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත මෙනෙවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් ඔහු ඊයේ (19) අත්අඩංගුවට ගැනුනේ මතුගම ප්‍රදේශයේදී.

මේ අතර මෙම ප්‍රශ්නගත වාහනය මීට පෙර අයත්ව තිබී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණියකට බවද ඊයේ අනාවරණය වූවා.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසිය විසින් මන්ත්‍රී දියණිය සොයා ගියද, අදාල තැනැත්තිය තවමත් අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s