බිත්තර 18යි – චිකන් බ්‍රෙස්ට් එකයි! සරාගී චූලක්ෂිගේ කැරැට්ටුව එළියට

”හවුස් ෆුල් එකේ ප්‍රධාන නිළිය බිත්තර 18ක් උදේට කනවා. චිකන් බ්‍රෙස්ට් එක කනවා. ඕට්ස් කනවා. මේ උදේ වරුවට විතරයි. දවල් රෑ තව තියෙනවා.

එතකොට හිතන්න දවලුයි රෑයි එනකොටත් අපි කොච්චර වියදමක් කරනවද.

අපි ඇල්ලේ හිටියේ. ඒ නිළිය වෙනුවෙන් අපි කාමර 3ක් වෙන් කරලා තිබුනා. මේකප් කරන්න එක්කෙනයි, ඩාන්සින්වලට එක්කෙනයි. එක රූම් එකක් 37 500යි.

එහෙම කැපවීමක් කරලා, ඒ නිළියගෙ සපෝර්ට් එක කොහොම වෙන්න ඕනෙද.

නමුත් මේ නිළියලොකේෂන් එකට එන්නෙ 11ට.

ඒ ෆිල්ම් එක බලනකොට ඒ නිළියගෙ සපෝර්ට් එකක් නෑ. මට හරි කලකිරීමක් ඇත්තෙන්ම තියෙන්නෙ”

මෙහෙම කියන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ටී.

“හවුස් ෆුල්” සිනමා පටය ඔහුගේ 75 වන සිනමා නිර්මාණයයි.

මෙරට වැඩිම රංගන ශිල්පීන් පිරිසක් එක්වන වසරේ දැවැන්තම ප්‍රහසනාත්මක සිංහල සිනමාපටය ලෙස පැවසුණු මේ චිත්‍රපටය නිෂ්පාදනය කෙරුණේ මොහාන් පෙරේරා සමගින් සුනිල් ටී ප්‍රනාන්දුයි.

මේ දිනවල ආන්දෝලනාත්මක පුවත් මවන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සමගින් චුලක්ෂි රණතුංග මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වුණා.

ඉතින්, අධ්‍යක්ෂ සුනිල් ටී තමන්ගේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ඉලක්ක කරමින් එල්ල කරන මේ චෝදනාව වැටෙන්නේ කාගේ ගිණුමටද කියලා අනුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.

චිත්‍රපටයේ සාර්ථකත්වය ගැන ඔහු සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඔහු ඒ ගැන කතා කරන්නේ දැඩි කළකිරීමකින්. ඒ වගේම ප්‍රධාන චරිතය ගැනත් ඔහු මෙන්න මේ වගේ කථාවක් කියනවා.

”මේකෙ ඇත්තටම හිටියෙ රංජන් රාමනායක. රංජන් රාමනායකට තමයි කතාව ලිව්වෙ. එතකොට තේරෙනවා ඇතිනෙ ආදේශ කළ නළුවා රංජන් එක්ක හැරෙන්නවත් බැහැනෙ.

නමුත් ඒ නළුවා තව ෆිල්ම් තුන හතරක් කළාට පස්සෙ අද එයා තමයි ලංකාවේ හීරෝ වෙන්නෙ. එතකොට මේ ප්‍රොඩියුසර්ගෙ සල්ලිවලින් නේද එයා හීරෝ වෙන්නෙ. අපි ඒ චාන්ස් එක දුන්නෙ නැත්නම් කවුරුත් එයාට ඒ චාන්ස් එක දෙන්නෙ නෑනෙ.

රංජන් අපිව අනාත කළා. රංජන් එන්නම් කියලා මාස හයක් තියාගෙන ඉඳලා ආවේ නෑ.

රන්ජා කියන ෆිල්ම් එකත් හැදුවෙ මමනෙ. එතන රංජන්ව ගෙනාවෙත් මමනෙ. “කෝ හතුරෝ” කරන කාලෙ ඉඳන්ම එයා මාත් එක්ක හිටියා”

කොහොම වුණත් මේ ගැන මේ චෝදනාව එල්ලවෙන නිළියගේ පාර්ශ්වයෙන් හෝ, රන්ජන් රාමනායකගේ පාර්ශ්වයෙන් තවම කිසිම දෙයක් ප්‍රකාශ කරලා නම් නෑ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s