කිං ඛාන්ට අනතුරක්

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් අනතුරකට ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ මුම්බායි හි ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේදී ෂාරුක් ඔහුගේ නවතම “කිං” චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක් රූගත කරමින් සිටියදීයි.

මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අනතුරින් ඔහුගේ මාංශ පේශි ආබාධයකට ලක්ව ඇති බවයි.

ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ගෙන ගොස් ඇති අතර, ඔහුට විවේක ගන්නා ලෙස උපදෙස් දී ඇති බව සඳහන්.

මේ සමගම, ජූලි සිට අගෝස්තු දක්වා කිං චිත්‍රපටයේ රූගත කිරීම සඳහා වෙන්කරවා ගත් ඇතැම් ස්ථාන නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව ද වාර්තා වෙනවා.

කිං චිත්‍රපටයේ රූගත කිරීම් ඉන්දියාවේ සහ යුරෝපයේ සිදු කිරීමට නියමිත බවටයි වාර්තා වෙන්නේ.

ඔහු සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවල රූගත කිරීම් නැවත ආරම්භ කිරීමට පෙර මාසයක නිවාඩුවක් ගත කරනු ඇති බව ඉන්දීය ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s