
තලවකැලේ ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක 10 වන වසරේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවියක් රවටා රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රඳවාගෙන සිටි සැකකරුවෙකු ලිඳුල පොලිසිය මගින් 17 වැනිදා රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිසුවිය අදාල තරුණයා හඳුනාගෙන ඇත්තේ මුහුණු පොත ඔස්සේ බවයි පොලිසිය විසින් කරන ලද මූලික පරික්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
වාර්තා වන ආකාරයට තරුණයා මෙම පාසල් සිසුවියට ඉකුත් 15 වැනිදා නානුඔය දුම්රිය ස්ථානයට පැමිණෙන ලෙස පවසා ඇති අතර, සිසුවිය නිවසටද නොදන්වා නානුඔය දුම්රිය ස්ථානය වෙත ගොස් තිබෙනවා.
එහිදී සැකකරු විසින් පාසල් සිසුවිය දුම්රියෙන් හපුතලේ දක්වා රැගෙන ගොස් ඇති බවයි අනාවරණය වන්නේ.
සිසුවියගේ මව ගෘහ සේවය සඳහා විදේශගත වී ඇති අතර, සිසුවිය පියා භාරයේයි සිට ඇත්තේ.
තම දියණිය නිවසේ නොමැති බව දුටු පියා විසින් ලිඳුල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ ලිඳුල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා විසින් පාසල් සිසුවියගේ දුරකථන අංකය ඔස්සේ කරන ලද විශ්ලේෂණයක් අනුව නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි හපුතලේ ප්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිසුවිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බවත්, සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරන බවත් ලිදුල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා කියා සිටියා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s