
මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ජලයක ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදිනියක් සහ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළ තරුණියක් ගංවතුරේ බැසගෙන ප්‍රවෘත්ති වාර්තා කළ සිදුවීමක් අතීතයේ වාර්තා වුණා ඔබට මතක ඇති.
එලෙසින්ම කරවටක් වතුරේ බැසගෙන ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදියෙකු පිළිබඳ නවතම පුවතක් දැන් ඇසෙනවා.
මේ පුවත වාර්තා වන්නේ අපට අසල්වාසී රටක් වන පාකිස්ථානයෙන්.
රාවල්පින්ඩි ප්‍රදේශයේ චහාන් වේල්ල බිඳී යාමෙන් ජලයෙන් යටවූ ප්‍රදේශයකදී මාධ්‍යවේදියෙකු ගෙල දක්වා ජලයේ ගිලී සිටිමින් වාර්තාකරණයේ නිරත වී සිටින අතර, ඒ අවස්ථාවේ ඔහු ජලයේ ගසාගෙන යන අයුරු දැක්වෙන ඇඟ කිලිපොලා යන වීඩියෝවක් මේ දින වල අන්තර්ජාලය පුරා පැතිරෙමින් පවතිනවා.
මේ මාධ්‍යවේදියා කවුරුන්ද යන්න හෝ ඔහුව බේරා ගැනීමට හැකිවූවාද යන්න පිළිබඳව මෙතෙක් කිසිම තොරතුරක් අනාවරණය වී නැහැ.
මේ ගංවතුර තත්වය ඇති වී තිබෙන්නේ පසුගිය ජූනි 26 වැනිදා සිට පකිස්ථානයේ පන්ජාබ් පළාතට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන්.
මෙම ගංවතුර තත්වය ඒතුවෙන් පසුගිය පැය 24 තුළ පමණක් පුද්ගලයන් 63 දෙනෙකු මියගොස් තිබෙනවා.
එසේම, මේ වන විට සමස්ත මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතරේ මේ විදිහට ත්‍රාසජනක සහ අරුම පුදුම ආකාරයෙන් මාධ්‍ය වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන් තවත් ඉන්නවාද කියලා අපි අන්තර්ජාලයේ සොයා බැලුවා.
එතකොට හමුවුණු ඡායාරූප කිහිපයක් තමයි මේ.
ඒ ටිකත් බලන්නකෝ.



මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s