
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට තීන්දු කොට තිබෙන බව වාර්තා වනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව මගින්.
විමර්ෂණාත්මක මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් සිය පෞද්ගලික යූටියුබ් නාලිකාවේ පළ කරන ලද වීඩියෝවක් මගින් මෙම පුවත හෙළි කරනු ලැබ තිබෙනවා.
එසේම, මේ සම්බන්ධ පුවත විකල්ප මාධ්‍ය දෙකක් හරහාද ප්‍රචාරය කොට ඇති නමුත් තවමත් කිසිදු ජාතික මාධ්‍යයක් හරහා මෙම කරුණ තහවුරු කොට නැහැ.
නමුත්, පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් කරන ලද විනය පරීක්ෂණයකින් නිලන්ත ජයවර්ධන වැරදිකරු බවට තීරණය වීම හේතුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීන්දුව ගෙන තිබෙන බවට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිය වීඩියෝව් හරහා කියා සිටිනවා.
එම වාර්තාව ජාතික පොලිස් කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම කොමිසම ඊයේ (19) එහි සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීන්දුව ගෙන තිබෙන බවටයි මාධ්‍යවේදියා පවසන්නේ.
මේ සම්බන්ධයෙන් ඔහු විසින් සිදු කළ කරුණු හෙළිදරව්ව ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s