
මේ ඡායාරූපය සමග සංස්කරණය කරන මීම්ස් මේ දවස් වල සමාජ මාධ්‍යයේ වයිරල් වෙමින් යනවා.
මෙම ඡායාරූපයේ ඉන්නේ Astronomer සමාගමේ CEO වන Andy Byron සහ එම සමාගමේ Chief HR Officer වන Kristin Cabot.
ඔවුන් Coldplay කණ්ඩායමේ ප්‍රසංගයක් නැරඹීමට ගොස් ඉන්න අතරතුරේ මේ දෙන්නා අතරේ සිදුවුණු අනුරාගී ප්‍රේමණීය රංගනයක් අහම්බෙන් කැමරාවේ සටහන් වුණා.
ඒ විතරක් නෙමෙයි.
මේ සිදුවීම මාධ්‍ය හරහා ලෝකයටම දැකගන්නත් පුලුවන් වුණා.
ඒ වගේම ඔවුන්ගේ රහස් සම්බන්ධය පිළිබඳව හැමෝම දැනගත්තා.
සිද්ධියත් එක්ක වැඩියෙන්ම කැළඹුණේ මේ සමාගම් ලොක්කාගේ බිරිඳ.
ඇය හැඬුම්බරව නිකුත් කරපු වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයට මුදාහැරලා තියෙනවා.
ඇය තමන් මෙතක් පාවිච්චි කරපු ෆේස්බුක් නේම් එකෙන් තමන්ගේ සැමියාගේ වාසගමත් අයින් කරලා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s