
කුරුණෑගල පරගහදෙණිය – සිංහපුර ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමාගොස් සිටි බිලිඳියගේ භාරකාරීත්වය ඉල්ලා දුරකතන ඇමතුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව වාර්තා වේ.
මාවතගම පොලිසිය ප්‍රකාශ කරන්නේ, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව සහ ඉතාලිය ඇතුලු රටවල් කිහිපයක වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද මෙසේ දරුවා ඉල්ලා ඇමතුම් ලබා දී ඇති බවයි.
ඉල්ලුම් කරමින් දුරකතන ඇමතුම් දුන් සියලු දෙනාටම ඒ සඳහා ගත යුතු නීතිමය ක්‍රමවේදයන් ගැන පැහැදිලි කර දී තිබෙන බවද වාර්තා වේ.
මෙම බිළිඳාගේ මව කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
බිළිඳියගේ මව සොයා මේ වනවිටත් විමර්ශන සිදුවනවා.
මේ අතර බිළිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට අදාල මව ඉදිරිපත් වන්නේ නම් ඇයට අවශ්‍ය පහසුකම් සැළසීමට සූදානම් බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් ඊයේ කියා සිටියා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s