ට්‍රම්ප් ලෙඩ වෙයි! නිදන්ගත රෝගයක්

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝගී තත්වයෙන් පසුවන බව වාර්තා වනවා.

ඔහු නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බවට, ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලීවිට් අනාවරණය කොට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඇමරිකානු ජනපතිවරයාගේ රෝගී තත්ත්වය අනාවරණය කරමින් එම මාධ්‍ය ප්‍රකාශිකාව, ධවල මන්දිර වෛද්‍යවරයා ලබා දුන් වාර්තාවක් ද මාධ්‍ය හමුවේ ඉදිරිපත් කොට තිබෙනවා.

ඇමරිකානු ජනපතිවරයා මේ වන විට 79 වැනි වියේයි පසුවන්නෙ.

ඔහුගේ පාදවල ඉදිමීම් දකින්න ලැබෙන අතර, අත්වල තැලීම් වැනි පැල්ලම් දකින්න ලැබෙන ලැබෙන බව පැවසෙනවා.

ජනපතිවරයා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකට යොමු කොට ඇති අතර, ඔහු නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බවට ධවල මන්දිර වෛද්‍යවරයා තීරණය කර ඇත්තේ එම පරීක්ෂණ වාර්තා අනුව බවයි පැවසෙන්නේ.

දැනට ජනපති ට්‍රම්පේ රෝගී තත්වය බරපතල නොවන බවත්, වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයන් අතර මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත් ධවල මන්දිර වෛද්‍යවරයා සිය වාර්තාවෙන් පැහැදිලි කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s