
තමා නිවාස සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ සියලු කටයුතු කළේ සහ රජයේ මුදල් වැය කළේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එසේම තම එම සියලු කටයුතු සිදු කළේ පූර්ණ විනිවිදභාවයෙන් යුතුව සහ නීතියට අනුකූලව බවද ඔහු කියා සිටිනවා.
ඊයේ (18) මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කොට සිටියා.
තමා රටේ සීග්‍ර නිවාස සංවර්ධනයක් කළ බවත්, ආගමික සහ සංස්කෘතික ක්ෂේත්රයේද කඩිනම් වැඩ කොටසක් ඉටු කළ බවත් ඔහු වැඩිදුරටත් එහිදී කියා සිටියා.
එසේම, අද බලයේ සිටින්නේ වැඩ කිරීම වරදක් ලෙස දකින කණ්ඩායමක් බව විපක්ෂ නායකවරයා පවසා සිටියා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s