නාඳුණන වෙඩිල්ලක් දෙහිවල හොල්ලයි! වෙඩික්කරුවන් පලා යයි (Video Updated)

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද පෙරවරුවේ අවසන් භාගයේ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

යම් පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදු කොට ඇති බවටයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි තැබීමෙන් පසුව වෙඩික්කරුවන් පළා ගොස් ඇති බව වාර්තා වනවා.

වෙඩිතැබීමට ලක් වූ පුද්ගලයා තුවාල ලබා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බවද සඳහන්.

ඉකුත් මැයි මාසයේද දෙහිවල නැදිමාල ප්‍රදේශයේ මේ ආකාරයෙන්ම වෙඩිතැබීමක් සිදුවුණා.

එවරද කිසිවෙකුටත් ජීවිත හානි සිදුවූයේ නැහැ.

පසුව පොලිසිය විසින් වයස අවුරුදු 38 හා 43 වයස්වල පසු වන දෙහිවල හා මිහින්තලය ප්‍රදේශ වල පදිංචිකරුවන් දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍යද සමග අත් අඩංගුවට ගනු ලැබූයේ එම වෙඩිතැබීමේ සැකකරුවන් වශයෙන්.

කෙසේ වෙතත්, අද සිද්ධිය සම්බන්ධයෙන්ද පොලිසිය විසින් විමර්ශන ආරම්භ කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s