
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.
කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත්කොට පිරිසිදු කර ඒවා වෙළඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පැන නැගී ඇති නීතිමය තත්වයක් මතයි හිටපු ඇමතිවරයා මෙසේ අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ.
පසුගිය දිනවල මේ සිදුවීම ජනතාව අතර මහත් ආන්දෝලනයක් ඇතිකළ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම මගහරිමින් සිටින බවටද වාර්තා පළ වුණා.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර අල්ලස් කොමිසම ඔහුට දැනුම් දී තිබූ අතර, රෝගී තත්වයක් බව පවසමින් ඔහු අල්ලස් කොමිසම වෙත පැමිණියේ නැහැ.
ඔහු එසේ නොපැමිණ සිටීම සඳහා ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාවද විධිමත් වෛද්‍ය වාර්තාවක් නොව බෙහෙත් තුන්ඩුවක් පමණක් බවට අද අධිකරණය හමුවේ පැවසුණා.
මෙම කරුණ පෙන්වා දී තිබුණේ අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින්.
මෙහිදී රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් තම පාර්ශ්වය නිවැරදි බව සනාථ කිරීමට දැඩි වෙහෙසක් දරනු ලැබුවද එම උත්සාහය සාර්ථක වුණේ නැහැ.
පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීම අවසන් කිරීමෙන් අනතුරුව එහි නියෝගය පස්වරු 2.00 ට ප්‍රකාශයට පත්කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් අද දහවල් නිවේදනය කරනු ලැබුවා.
ඉන් අනතුරුව නඩුකරය පස්වරු 2.00 පමණ විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී පෙත්සමට අදාල නියෝගය පසුව ප්‍රකාශයට පත් කරන බවට මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කොට සිටියා.
හිටපු ඇමතිවරයාගේ බලාපොරොත්තු සුන් කරමින්, අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවට තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණුඒ, ඉන් අනතුරුව මෙම නඩුකරය සවස 3.20ට පමණ මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ බවයි වාර්තා වන්නේ.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s