මාලිමා මැති ඇමති පිරිසක් දෙපැත්තෙන්ම කාලා!

රජයේ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු සිය අමාත්‍යාංශවලින් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද ඉන්ධන දීමනා ලබා ගන්නා බවට පාර්ලිමේන්තු ආරංචි මාර්ග හෙළි කොට තිබේ.

මෙම පුවත අද (19) The Morning Telegraph විසින් වාර්තා කොට තිබිණි.

එසේම අග්‍රමාත්‍යවරිය සහ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනකුට පාර්ලිමේන්තුවෙන් ඉන්ධන දීමනාව ගෙවීම ඔවුන්ගේ ඉල්ලීම මත පසුගිය අප්‍රේල් මාසයේ සිට අත්හිටුවා ඇති බවත්, සෙසු ඇමතිවරුන්ද ඉල්ලීම් කරනු ලැබුවහොත් පාර්ලිමේන්තු දීමනාව ඉවත් කිරීමට කටයුතු කරන බවටත් පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි.

එමෙන්ම, කතානායක, නියෝජ්‍ය කතානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දීමනා වෙනුවෙන් පසුගිය මාර්තු මාසයේදී පමණක් රුපියල් අට කෝටියකට වැඩි මුදලක් වැයකර ඇති බවද, සෙසු මාස වලදීද මෙම දීමනා සඳහා වන පිරිවැය ආසන්න වශයෙන් ඊට සමාන වන බවද පැවසෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මාසික දීමනාව ලෙස රුපියල් 54,285 ක මුදලක්ද, මාසික සංග්‍රහ දීමනා ලෙස රුපියල් 1000ක්ශ, රියදුරු දීමනාව ලෙස රුපියල් 3500ක්ද, දුරකථන දීමනාව ලෙස රුපියල් 50,000ක්ද, මන්ත්‍රීවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ ගමන් වියදම් පියවීම සඳහා රුපියල් 15000ක්ද, කාර්යාල දීමනාව ලෙස රුපියල් 100,000ක්ද, පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම වෙනුවෙන් දිනකට රුපියල් 2500ක්ද, පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් වෙනුවෙන් රුපියල් 2500ක්ද හිමිවේ.

මීට අමතරව, ඉන්ධන ලබාදීම සිදුකෙරෙන්නේ මන්ත්‍රීවරයා පදිංචි ප්‍රදේශයේ දුර අනුව බවත්, ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට මාසිකව ඉන්ධන ලීටර් 283.94ක් ද, මඩකළපු, යාපනය, දිගාමඩුලු වැනි දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලීටර් 639.53ක් වශයෙන්ද ලබාදෙන බව සඳහන් වේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s