අනුරත් ළඟ තියාගෙන අස්ගිරි මහ නා හිමියෝ ගෝඨාගේ ගුණ කියයි!

මහනුවර ඇහැලේපොළ වලව්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේම තබා ගැනීමට උත්සාහයක් පැවති බවත්, නමුත් මහත් පරිශ්‍රමයක් දරා එහි අයිතිය දළදා මාලිගාවට හැකි වූ බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පැවසුවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඇහැලේපොළ වලව්වේ ඉටිරූප කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවේදීයි.

ඊයේ (17) මහනුවරදී මෙම උත්සවය පැවතියේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවේ අයිතිය යටතට පවරාගැනීම සඳහා දියවඩන නිලමේතුමන් මහත් වෙහෙස වී කටයුතු කරන ලද බවද මෙහිදී පැවසූ උන්වහන්සේ, මෙම කර්තව්‍යය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නොමඳ අනුග්‍රහයද ලැබුණු බව සිහිපත් කොට සිටියා.

එසේම, ඉතිහාසයක් නැති ජාතියකට වර්තමානයක් නැති බවත්, වර්තමානය ශක්තිමත් න්වන ජාතියකට අනාගතයක් නැති බවත් මෙහිදී අවධාරණය කළ උන්වහන්සේ එනිසා බෞද්ධ උරුමයත් සමග ඉතිහාසයද ආරක්ෂා කරගැනීම පාලකයා සතු වගකීමක් බව පෙන්වා දුන්නා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s