රන් ආලේපිත ගිනි අවි සිද්ධියේ සැකකාරියට ඇප

කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශාඛා අයිරාංගනී විරකෝන් නමැති සැකකාරිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ඇය ඇප මත මුදාහරින ලෙස නියම කළා.

ඒ අනුව අදාළ සැකකාරිය රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය විසිපහ බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමටත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද ඉකුත්දා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබුණා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s