සුදු කත දැක අසූවේ සාදුගේ සිල් බිඳෙයි – කූඩුවේ කූරු ගනී!

මෙරට සංචාරයකට පැමිණි නවසීලන්ත ජාතික කාන්තාවකට ලිංගික අතවරයක් සිදුකළ බවට 81 හැවිරිදි විහාරාධිපති හිමිනමකට චෝදනා එල්ල වී තිබෙනවා.

උණවටුන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සිදු වූ බවට පැවසෙන මෙම සිදුවීම වාර්තා වන්නේ ඊයේ (16) දිනයේ.

වාර්තා වන අන්දමට විහාරස්ථානය නැරඹීමට පැමිණි මෙම කාන්තාවට විහාරාධිපති හිමියන් විසින් ආහාර පාන වලින් සංග්‍රහ කොට තිබෙනවා.

ඉන්පසු හිමිනම ඇයට පවසා ඇත්තේ ඇතුළත කාමරයකට යන ලෙසයි.

විදේශික කාන්තාව කාමරයට ගිය විගසම විහාරාධිපති හිමිනම ඇය පසුපස ගොස් ඇයව වැළඳගෙන ඇති බවත්, එම ස්ථානයෙන් ගැලවී පැමිණි කාන්තාව උණවටුන සංචාරක පොලිස් ස්ථානයට ගොස් තමා මුහුණ දුන් අතවරය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කොට ඇති බවත් වාර්තා වනවා.

ලද පැමිණිල්ල මත වහා ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විහාරස්ථානය වෙත ගොස් සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

41 වියැති විදෙස් කාන්තාව වෛද්‍ය පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටින අතර සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වූවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s