“කටවහන් ඉන්නකෝ! ඔබතුමා ජේවීපී නෙමෙයිනේ!” ඇප අරන් එළියට ආපු සුජීව මාධ්‍යයට සද්දයක් දායි (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

ඒ, රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස ලැබුණු නියෝගයක් අනුවයි.

ඒ අනුව අද අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කළ බව වාර්තා වනවා.

ඇප ලබා අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණි හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් පළකිරීමක්ද සිදුකළා.

එහිදී, හිටපු මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීමට බාධාවන අයුරින් දිගින් දිගටම හරස් ප්‍රශ්න යොමුකළ මාධ්‍යවේදියෙකුට ඔහු විසින් උණුසුම්කාරී අයුරින් ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසින්.

වීඩියෝව පහතින් නරඹන්න.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s