
රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සමග ඊයේ මොරටුව නගරයේදී ඇල්ලූ 52 හැවිරිදි කත නර්තන ගුරුවරියක් බවට වාර්තා වී තිබෙනවා.
මෙම කාන්තාව හසුවී තිබෙන්නේ මොරටුව නගරයේ වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදීගෙන මුදල් මාරු කිරීමට යාමේදී බවයි පැවසෙන්නේ.
ඇය පදිංචි මොරටුව, රාවතාවත්ත, පළමු පටුමගේ නිවසක බවද සඳහන්.
අත් අඩංගුවට ගත් සැකකාරියගෙන් සිදුකෙරුණු ප්‍රශ්න කිරීම් මත සෝදිසියට ලක් කොට තිබෙන්නේ මෙම නිවසයි.
එහිදී තවත් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 19ක් හමුව ඇති බවට දැන් වාර්තා පළවනවා.
එසේම, මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් මුද්‍රණ යන්ත්‍රයද නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.
සැකකාරිය විසින් රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු කාණ්ඩ දහයක් යටතේ මුද්‍රණය කර ඇති බවත්, එලෙස මුද්‍රණය කරන ලද නෝට්ටු අටක් A4 ප්‍රමාණයේ කඩදාසිවල අලවා තිබී සොයාගත් බවත් පොලිස් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළා.
පෙර පළවූ පුවත පහතින්
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s