අනුරපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණ සිද්ධිය – සැකකරු යළිත් ප්‍රකාශයක් ඉල්ලයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණ විශේෂඥ වෛද්‍යවරියක අතවරයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේ, යළිත් ප්‍රකාශයක් කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන්නැයි සැකකාර හිටපු යුද හමුදා සෙබළා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එහෙත්, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

සැකකරු යළිත් ප්‍රකාශයක් සිදු කිරීමට ඉල්ලුම් කළ අවස්ථාවේ, පොලිසිය විසින් අධිකරණය හමුවේ සඳහන් කොට ඇත්තේ, සැකකරු විසින් වින්දිත වෛද්‍යවරියට අපහාස කර ඇයව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් අධිකරණය හරහා විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට සැලසුම් සහගතව උත්සහ දරමින් සිටින බවයි.

තමන් වෛද්‍යවරිය දූෂණය කළේ බලහත්කාරයෙන් නොවන බවට, මීට පෙරද සැකකරු විවෘත අධිකරණයේදී සිදුකළ ප්‍රකාශයද මුළුමනින්ම අසත්‍ය එකක් බවට පොලිසිය මෙහිදී කියා සිටියා.

මෙවැනි අසත්‍ය ප්‍රකාශ හරහා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා ගෙන වින්දිත වෛද්‍යවරිය අපහසුතාවට පත් කිරීමට සැකකරු උත්සාහ දරමින් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s