සීතාවක අදත් කැඳ හැළියක් වෙයි! විපක්ෂය යකා නටයි! සාරංගිකා ගත් තීන්දුව

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති තෝරා පත් කිරීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම නැවතත් කල්තැබීමට සිදුවුණා.

ඒ අද (15) දින ඡන්ද විමසීම සඳහා සභාව රැස් වූ අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්වයත් සමගින්.

මෙම සභාවේ තනතුරු තෝරා පත්කිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට විරෝධය පාමින් මීට පෙර වතාවේද විපක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත්ව ගිය අතර, පසුව ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ඉල්ලා අධිකරණයට ගොස් තිබුණා.

එහෙත්, අධිකරණය විසින් ඔවුන් ඉදිරිපත් කරන ලද පෙත්සම ඉවත දමා තිබුණේ විභාග කිරීමකින්ද තොරවයි.

අද දිනයේද විපක්ෂය විසින් රහස් ඡන්දයක් පැවැත්වීම පිළිබඳ දැඩි විරෝධයක් පළ කළ අතර, ඉන්පසු බස්නාහිර පළත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර විසින් එම කාරණය සමථයකට පත් කිරීම සඳහා මුලින්ම ඡන්ද විමසීමක් සිදු කළා.

එහිදී, රහස් ඡන්දයකට පක්ෂව ඡන්ද 24ක් ලැබී තිබුණු අතර, විවෘත ඡන්දයකට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 23ක් පමණයි.

මේ අවස්ථාවේ නැගී සිටි විපක්ෂය නැවතත් ඉතා පදනම් විරහිත අයුරින් රහස් ඡන්දයකට විරුද්ධ වූ අතර තමන් සභාවෙන් ඉවත්ව යන බව ප්‍රකාශ කළා.

මේ අනුව විවෘත ඡන්දයක් ඉල්ලමින් ඡන්දය ප්‍රකාශ කළ විපක්ෂ මන්ත්‍රීවරුන් 23 දෙනා පිටව යාමෙන් පසු සභාවේ ඉතිරිවූයේ මත්‍රීවරුන් 24 දෙනෙකු පමණයි.

මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගෙන් සභාව පවත්වාගෙන යා නොහැකි බැවින්, ගණපූරණ ගැටළුව මත සභාව කල්තැබීමට කොමසාරිස්වරිය තීරණය කලේ ඉන් අනතුරුවයි.

මැවතත් සුළු වේලාවකට පසු සභාව රැස් වුණත්, ඡන්දය පැවැත්වීමට අවශ්‍ය ගණපූරණය එවරද නොතිබූ බැවින්, සීතාවක ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව නැවත වරක් කල් දැමීමට කොමසාරිස්වරි සාරංගිකා ජයසුන්දරට සිදුවුණා.

මෙම අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්වය දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s