සජිත් පුපුරයි! සජබෙට පොලු තැබූ හයක් දොට්ට

බේරුවල නගර සභාවේ සභාපති ධුරය දිනාගැනීමේ සටනේදී ජාතික ජන බලවේගයට සහාය දුන් සජබයේ සාමාජිකයන් හයදෙනෙකු නෙරපාහැරීමට එම පක්ෂය පියවර ගෙන ඇති බවට එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

ජාතික ජන බලවේගය මෙසේ බේරුවල නගර සභාවේ බලය ලබා ගන්නේ ආසන තුනක් පමණක් හිමිකරගෙන තිබියදීයි.

මෙම උණුසුම් දේශපාලන ක්‍රීඩාවේදී ඔවුන්ට ආසන හයක් හිමි සමගි ජන බලවේගයේ සහය හිමි වුණා.

එසේම එම නගර සභාවේ උපසභාපති ධුරය හිමිවුණේ සමගි ජන බලවේගයටයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s