
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් කීපදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ අද (15) ආරම්භ වුණා.
මෙම නඩුව ගොනු කොට තිබෙන්නේ මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ පැවති මෙම නඩු විභාගය සඳහා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ මේ අයුරින්.
අද දින රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම මත මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගැනීම සිදුවුණා.
වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 01 වනදා තෙක් කල් තබනු ලැබූ බවයි අධිකරණ ආරංචි මාර්ග පවසන්නේ.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s