
කොළඹ පුරපතිනි ව්‍රායි කැලීඉ බල්තසාර් අපූරු කර්තව්‍යයක් සිදු කොට තිබෙනවා.
ඒ සිය නගරාධිපති නිලනිවස වන “සිරිනිවාස”ය එක්දිනකට පුස්තකාලයක් බවට පත් කිරීමයි.
මේ ගැන ඇගේ ෆේස්බුක් ගිණුමේ මෙන්න මෙවැනි පෝස්ට් එකක් පළ වෙලා තිබුණා.

පැවසෙන විදිහට මෙය කුඩා දරුවන් වෙනුවෙන් සංවිධානය කරපු කියවීමේ වැඩසටහනක්.
මේක දීර්ඝ වැඩසටහනක ආරම්භක පියවර කියලා ඇය කියනවා.
මේ වැඩසටහනට කොළඹ මහනගර සභාව විසින් පවත්වාගෙන යන පෙර පාසල් 12ක දරුදැරියන් සහභාගි කරගෙන තියෙනවා.
මේ වැඩසටහනේ අරමුණ දරුවන් අතර කියවීමට ඇල්මක් වර්ධනය කිරීම කියලා තමයි පුරපතිනිය කියන්නේ.
මොනවා වුණත් හොඳ දේට හොඳයි කියලා කියන්න පැකිලෙන්න ඕනේ නැහැ.
ඇගේ මේ වැඩපිළිවෙල සාර්ථක වෙන්න කියලා අපිත් සුබ පතමු.






මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s