
භාතියගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව සුබ අසුබ මිශ්‍ර වූ පුවතක් උදෑසන සිට සකස් කරමින් සිටින අතරේ මෙම අවාසනාවන්ත පුවත වාර්තා වුණා.
ඒ සියල්ලන් හඬවමින් භාතිය හස්තිරාජයා අවසන් ගමන් ගිය පුවතයි.
තුවාල ලබා බරපතල ලෙස රෝගාතුරව සිටි භාතියගේ සෞඛ්‍ය තත්ත්වයේ යම් වර්ධනයක් දක්නට ලැබුණු බැවින්, ඊයේ දිනයේ භාතිය හස්තියාව අනෙක් පැත්තට හැරවීමට බලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවා.
මේ කර්තව්‍යය සඳහා ප්‍රාදේශීය සභාව, මහව වන අඩවි නිලධාරීන්, යුද හමුදාව සහ පෞද්ගලික කණ්ඩායම් ද සහාය ලබා දෙනු ලැබුවා.
අවස්ථා දෙකකදී හස්තියා වැතිරී සිටින පැත්ත මාරු කිරීමට ඔවුන් උත්සාහ කළත් එය සාර්ථක නොවූ තැන, භාතිය රැඳී සිටි වලට වතුර පිරවීමටයි කණ්ඩායම විසින් කටයුතු කරනු ලැබුවේ.
පසුව භාතියව ජලය වැඩිපුර ඇති ගැඹුරු ස්ථානයකට ගෙන ගොස් හස්තියාව අනෙක් පැත්තට හැරවීමට කණ්ඩායමට හැකි වුණා.
භාතියව අනික් පැත්තට හැරවීමෙන් පසුව මහාචාර්ය අශෝක දංගොල්ල මහතා විසින් හස්තියාව නිරීක්‍ෂණය කරනු ලැබුවා.
එසේ නිරීක්ෂණය කිරීමෙන් පසු මහාචාර්යවරයා කියා සිටියේ හස්තියාගේ මෙතෙක් ප්‍රතිකාර නොකෙරුණු පැත්තේ ගැඹුරු තුවාල රැසක් දක්නට ඇති බවයි.
හස්තියාගේ සමට ද දැඩි හානි සිදුව තිබෙන බව පවසන මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ භාතියගේ කනට පහළින් එල්ල වී ඇති වෙඩි ප්‍රහාරය නිසා හටගෙන ඇති තුවාලය බරපතල තත්ත්වයේ එකක් බවයි.
සාමාන්‍යයෙන් ශරීරයක සමතුලිතතාව පාලනය කරන කර්ණ ශංඛය වැනි කන තුළ ඇති අවයව වලට වෙඩි ප්‍රහාරය නිසා හානි සිදුවී ඇතැයි මහාචාර්යවරයා සැක පළ කරනවා.
භාතියව කෙලින් සිටුවීමට අපහසුව ඇත්තේ මේ හේතුව නිසා වන්නට ඇති බවටයි මහාචාර්යවරයා වැඩිදුරටත් සැක පළ කරන්නේ.
මෙහිදී භාතිය සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තුවක් තබාගතහැකිදැයි මාධ්‍යවේදියෙකු විසින් මහාචාර්යවරයාගෙන් ප්‍රශ්න කළා.
එහිදී ඔහු කියා සිටියේ හස්තියා සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තුවක් තබා ගැනීම අසීරු බවයි.
එහෙත්, තම උත්සාහය කිසිසේත් අත් නොහරින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
එහෙත් සැමගේ බලාපොරොත්තු සුන් කරමින් භාතිය අවසන් ගමන් ගිය පුවතයි මේ වනවිට වාර්තා වන්නේ.
ඇත් රජුනි, ඔබට සුබ ගමන්!
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s