උසාවිය ඉදිරිපිට යකා නටලා! තිළිණි ප්‍රියමාලි පොලිසියට!

ආන්දෝලනාත්මක චරිතයක් වූ තිළිණි ප්‍රියමාලිට හෙට (15) දින හෝමාගම මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට නියෝගයක් ලැබී තිබෙනවා.

අද (14) දිනයේ මෙම නියෝගය නිකුත් කොට තිබෙන්නේ හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය විසින්.

මෙසේ නියෝගයක් නිකුත් කිරීමට හේතුව වී තිබෙන්නේ ඇය විසින් අධිකරණයෙහි නිලධාරියෙකුට සිදු කළ අනිසි බලපෑමක් බවයි සඳහන් වන්නේ.

සිද්ධිය වාර්තා වන අන්දමට, ඉකුත් ජූනි 16 වැනි දින අධිකරණයෙහි විභාග වූ නඩුවක් සඳහා පැමිණි තිළිණි ප්‍රියමාලිට වෙනත් නඩුවක් සඳහා භාරදීමට නියමිත සිතාසියක් එම අධිකරණයෙහි සිතාසි බෙදන්නෙකු වන අරුණ ප්‍රේමශාන්ත යන අය විසින් අධිකරණය ඉදිරිපිට මාර්ගයේදී භාරදීමට කටයුතු කර තිබෙනවා.

මෙසේ සිතාසි භාරදීමට කටයුතු කොට ඇත්තේ පැමිණිල්ල විසින් සිදුකළ ඉල්ලීමක් මත දිසා අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි බවයි සඳහන් වන්නේ.

එම අවස්ථාවේදී විත්තිකාර තිළිණි ප්‍රියමාලි විසින් මාර්ගයේ ගමන් කළ ජනතාව ඉදිරිපිටදී සිතාසි බෙදන්නාට බැණ වැදී, සිතාසිය උදුරාගෙන එහි පිටුපස කිසිවක් කුරුටු ගා, නැවතත් සිතාසි බෙදන්නා වෙත එම සිතාසි පත්‍රය දමා ගසමින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් බැණ වැදී ඇතැයි සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිතාසි බෙදන්නා විසින් අධිකරණය වෙත පැමිණිලි කොට තිබෙන අතර, විත්තිකාර තිලිණි ප්‍රියමාලි අද (14) දින මෙම නඩු කටයුත්ත සඳහා අධිකරණයෙහි පෙනී සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් විමර්ශනය කටයුතු සිදු කරමින් සිටින අතරතුරයි.

මෙහිදී, ඇය පිළිබඳව පොලිස් විමර්ශනයක් සිදුකර නොමැති බවත්, පොලිස් විමර්ශනයකින් සැකකරුවෙකු ලෙස හඳුනාගත් අයෙකුට පමණක් අධිකරණය වෙත පෙනී සිටිය හැකි බැවින් විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටීමට තම විරෝධය පළ කරන බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සුමිත් පරාක්‍රම පෙරේරා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා.

අධිකරණයේ නිලධාරියකුට සිදුවූ අකටයුත්තක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබියදී ඒ පිළිබඳව විමර්ශන ප්‍රමාද වීම පිළිබඳව මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් පොලිසියෙන් විමසා සිටියා.

එහිදී පොලිසිය සඳහන් කළේ, විත්තිකාරිය සොයා කිහිප වතාවක් ඇයගේ නිවස වෙත ගියද විත්තිකාරිය පොලිසිය මගහරිමින් කටයුතු කිරීම නිසාවෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් පොලිසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කොට තිබෙන අතර, සැකකාරියට හෙට (15) දින හෝමාගම මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ බවයි අධිකරණ ආරංචි මාර්ග පවසන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s