
කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන සැකකරුවන් මැලේසියානු පොලිසියේ අත්අඩංගුවේ සිටිනා බවට, කිසිදු රාජතාන්ත්‍රික මට්ටමේ හෝ ආරක්ෂක අංශ මට්ටමේ තොරතුරක් ලැබී නොමැති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා අද නිලවශයෙන් තහවුරු කොට සිටියා.
පොලිස් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් මැලේසියාවට සහ තායිලන්තයට පිටත්ව ගොස් ඇත්තේ මැලේසියාවේදී අත්අඩංගුවට පත්වූ සැකකරුවන් 26 දෙනෙකු පිළිබඳ විමර්ශනයට වන අතර එම නාම ලේඛනයේ මෙම සැකකරුවන් දෙදෙනාගේ නම් අන්තර්ගතව නොමැති බවට ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මැලේසියාවේදී විවිධ වැරදි සඳහා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කර ඇති බවයි සහකාර පොලිස් අධිකාරීවරයා පැවසුවේ.
අද (14) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම තොරතුර අනාවරණය කෙරුණා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.