
ඉන්දියාවේ ජාතික මට්ටමේ ටෙනිස් ක්‍රීඩිකාවක් වන රාධිකා යාදව්, ගුරුග්‍රාම් හි ඔවුන්ගේ නිවසේදී ඇගේ ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන ඇගේ පියා දීපක් යාදව් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මිය යන අවස්ථාවේ ඇය ඇගේ මවගේ උපන්දිනය වෙනුවෙන් ආහාර වේලක් පිළියෙළ කරමින් සිටි බවයි සඳහන් වන්නේ.
ඇය ආහාර පිසිමින් සිටින අවස්ථාවේ පිටුවපින් පැමිණි ඇයගේ පියා ඇයට වෙඩි පහරවල් පහක් එල්ල කොට තිබෙන අතර, ඇගේ පිටේ වෙඩි උණ්ඩ තුනක් සහ උරහිසේ තවත් උණ්ඩයක් තිබූ බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබෙන්නේ.
මෙසේ තමන්ගේ දියණිය වෙඩි තබා මරා දමන්නට මේ පියාට හේතුව වුණේ කුමක්ද?
ඒ ගැන මුලින්ම කියවුණේ නම්, ඇය ඉන්ස්ටග්‍රෑම් සමාජමාධ්‍යයේ වීඩියෝ පළකිරීම සම්බන්ධයෙන් ඇගේ පියා අකමැත්තෙන් සිටි බවට කථාවක්.
ඒ සම්බන්ධයෙන් ඔහු අවස්ථා ගණනකදීම රාධිකා සමග මතගැටුම් ඇතිකරගත්තා කියලත් කියවෙනවා.
කොහොම වුණත්, පසුව එළියට ආපු කාරණය නම් වෙනස්ම කථාවක්.
25 හැවිරිදි යුවතියක් වන රාධිකා යාදව් ජාතික මට්ටමේ තරග ගණනාවක් ක්‍රීඩා කරපු තරුණියක් බව අපි කලිනුත් කිව්වා.
ඇය ඒකල, යුගල තරග රැසකට සහභාගි වුණා. ඇය අවසන් වතාවට ඒකල තරගයක යෙදුණේ 2024 මාර්තු මාසයේදී. ඒ වගේම යුගල තරගයකට සහභාගි වුණේ 2023 වසරේ ජූනි මාසයේදී.
පසුව ඇය ගුරුග්‍රාම් වල ඇගේම ඇකඩමියක් ආරම්භ කොට පුහුණුකාරියක ලෙස කටයුතු කරලා තියෙනවා.
ඇය සහ ඇගේ පියා අතර මතභේදයට හේතුව වී තිබෙන්නේ මෙන්න මේ කාරණය කියලයි පැවසෙන්නේ.
එහෙම වෙන්නේ කොහොමද?
ඉන්දියානුවන් කියන්නේ තමන්ගේ ගෞරවය, ඒ කියන්නේ නම්බුව ගැන බොහොම සැලකිලිමත් වෙන පිරිසක්. නම්බුව නැති වුණොත් ඔවුන්ගේ ජීවිතයම නැහැ වගේ තමයි. මේ තාත්තටත් සිදුවෙලා තියෙන්නේ ඒ වගේ දෙයක්.
දීපක්ගේ නිවසේ සියළුම බර අදින්නේ ඔහුගේ දුව, ඒ කියන්නේ රාධිකා විසින් හරිහම්බ කරන මුදලින් මුදලින් බවත්, ඔහු ඇගෙන් යැපෙමින් සිටින බවත් කියමින් ගම්වාසීන් නිතරම ඔහුව සමච්ච්ලයට ලක්කරලා තියෙනවා.
ඒ නිසාම, තමන්ගේ ඇකඩමිය වසා දමලා ගෙදරට වෙලා ඉන්න කියලා රාධිකාගේ තාත්තා ඇයට කිහිප සැරයක්ම අවවාද කරලා තියෙන බවයි පැවසෙන්නේ.
කොහොම වුණත් ඇය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා.
පසුව මේ තාත්තා – දුවගේ ගැටුම, රණ්ඩු දබර දක්වාම දුරදිග ගිහින්.
තමගේ යොවුන් වියේ දියණියගේ ජීවිතය උදුරාගන්නා තැනට මේ තාත්තාව පත් කළේ මෙන්න මේ සිද්ධිය කියලයි දැන් දැන් මාධ්‍ය වල වාර්තා වෙන්නේ.
මේ සම්බන්ධයෙන් ඇගේ පියා පොලිසිය හමුවේ පාපොච්ඡාරණයක් කරලා තිබෙනවා.
ඒකෙදි ඔහු තමන්ගේ දියණියට වෙඩි තැබුවේ මේ දෙවෙනි කරුණ නිසා බවට පිළිගෙන තියෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළා.
හැබැයි, ඇයගේ ඇකඩමිය පටන් ගන්න අවස්ථාවේ ඇගේ පියා ඇයට ඉන්දියානු රුපියල් කෝටි දෙකක මුදලකින් ආධාර කරලා තියෙන බවටත් තවත් මාධ්‍යයක් වාර්තා කළා.
මේ අතරේ ඇගේ සමීප මිතුරියක් වෙන ටෙනිස් ක්‍රීඩිකා හිමාන්ෂිකා සිං රාජ්පුත් පවසන්නේ රාධිකාගේ නිවසේ පැවතුණේ දැඩි ලෙස පාලනය කරන ලද පරිසරයක්.
ටෙනිස් ක්‍රීඩාවේදී අඳින්න සිදුවෙන කෙටි ඇඳුම් පිළිබඳවත් මේ නිවස ඇතුලේ බරපතල විවේචන පැවතුණා කියලා රාධිකාගේ මිතුරිය කියනවා.
කොහොම වුණත්, අවාසනාවන්ත විදිහට තරුණ ජීවිතයක් අහිමි වෙනවා. මේ ගැන අදහස් පළකරමින් ඇගේ වැඩිමහල් සහෝදරයා වන විජේ යාදව් කියා සිටින්නේ මේ අපරාධයට දඬුවම් විදිහට තම පියාව එල්ලා මරා දැමිය යුතු බවයි.
තමන්ගේ මුළු පවුලම මේ සිද්ධිය නිසා දැඩි කම්පනයකට පත්ව සිටින බව ඔහු පවසනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.