ආමි උපුල් ඝාතනයේ සැකකරුවෙක් අල්ලයි

රාගම බටුවත්ත ප්‍රදේශයේ දී ‘ආමි උපුල්’ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ දහවල් කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරකට අනූව සිදු කළ වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි රාගම, බටුවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 50ක් සහ මිලිග්‍රෑම් 600ක් තිබූ බව සඳහන් වෙනවා.

මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් කිලෝග්‍රෑම් 9ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 67ක් මෙන්ම ගිනිඅවි දෙකක් හා උණ්ඩ සමග පසුගිය 08 වනදා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගත්තා.

පසුගිය 03 වැනිදා ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ‘ආමි උපුල්’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබුණා

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s