කෙහෙල්බද්දර පද්මේ පොලිස් දැලෙන් පනී!

අත්අඩංගුවට පත් වූ බව කියන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් තිදෙනා මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බවට පුවතක් වාර්තා වනවා.

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ ඔවුන් සමග සිටි බවට පැවසෙන පද්මේගේ අනියම් බිරිඳ මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බවට පුවත් වාර්තා වූයේ පසුගිය 09 වැනිදා.

මේ සම්බන්ධ පුවත මාධ්‍ය හරහා පළවූයේ නිල වශයෙන් තහවුරු නොකළ පුවතක් වශයෙන්.

පසුව මෙරට පොලිසිය විසින් එම පුවත තහවුරු කොටගෙන, ඔවුන් රැගෙන ඒම සඳහා මැලේසියාවටත්, තායිලන්තයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පිටත් කර යැවීමට පියවර ගෙන තිබූ බවයි සඳහන් වන්නේ.

මේ අතර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ යූටියුබ් නාලිකාව හරහා ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් කරමින් කොමාන්ඩෝ සලින්ත සජීවීව දුරකථනය හරහා සම්බන්ධ වූ අතර, ඔහු හෝ පද්මේ අත්අඩංගුවට පත්ව නැති බවට ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අද දින ජාතික මාධ්‍ය හරහා මෙම කරුණ තහවුරු කොට තිබෙන අතර එම පුවතින් හැඟවෙන්නේ ඔවුන් අත්අඩංගුවට පත් වුවත් පොලිස් භාරයෙන් ගැලවෙන්නට හැකිව ඇති බවයි.

ඔවුන් යම් ගණුදෙනුවක් හරහා මෙසේ නීතියේ රැහැනින් ගැලවෙන්නට සමත්ව ඇතිදැයි මේ අනුව සැකයක් පළ වන නමුත්, ඒ සම්බන්ධයෙන් කිසිදු කරුණත් මෙතෙක් හෙළිදරව් වී නැහැ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s