
ඊයේ (12) පැවති අවසන් මහා තරගයේදී ඇමරිකාවේ අමන්දා අනිසිමෝවා පරාජයට පත්කරමින් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට පෝලන්තයේ ඉගා ස්වියාටෙක් සමත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමග ඇය ඉතිහාසගතවන්නේ වර්ෂ 1884 සිට පැවතෙන වසර 141ක විම්බල්ඩන් කාන්තා තරග ඉතිහාසයේ කිරුළක් දිනූ පළමු පෝලන්ත ක්‍රීඩිකාව ලෙසටයි.
2001 මැයි 31 වන දින වෝර්සෝ හිදී උපත ලැබූ ඉගා ටෙනිස් ක්‍රීඩාවට පිවිසුණේ ඇගේ සහෝදරිය පසුපස යමින්.
මෙය ඇය විසින් ජයගත් 06 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වන අතර මෙම තරගයේ ඇය දැකූ දක්ෂතාව අතිශයින් සුවිෂේශී එකක් වනවා.
එසේ වන්නේ, විම්බල්ඩන් ටෙනිස් අවසන් මහා තරගයකදී ප්‍රතිවාදී ක්‍රීඩිකාව කිසිදු ලකුණක් රැස් කරගැනීමට ඉඩ නොදෙමින් ඇය දැක්වූ දක්ශතාවයයි.
ඇය මෙම අවසන් තරගය ජයග්‍රහණය කළේ ලකුණු 6-0ක් සහ 6-0ක් වශයෙන්.
විම්බල්ඩන් ඉතිහාසයේ අවසන් වරට ක්‍රීඩිකාවක් විසින් මෙවැනි දක්ෂතාවයක් දක්වා ඇත්තේ වර්ෂ 1911දී, එනම් මීට වසර 114 කට පෙරාතුවයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.