
ඉන්දියාවේ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදී අද අලුයම 05.30ට පමණ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක ගින්නක් හට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ගින්න මැඩ පැවැත්වීම අසීරු වූ නමුත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියේ තෙල් ටැංකි තුනක් පිලී පැනීමෙන් ඇතිවූ ඉන්ධන කාන්දුවෙන් පසුව මෙම ගින්න හට ගෙන ඇති බවයි.