
ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත සම්බන්ධ කරගනිමින් යූටියුබ් හරහා වැඩසටහනක් විකාශය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එරෙහිව බරපතල චෝදනාවක් නැගෙමින් පවතිනවා.
මෙම චෝදනාව එල්ල කරන්නේ ප්‍රශ්නගත වැඩසටහනට සම්පත් දායකයෙකු වශයෙන් සහභාගි වූ මාධ්‍යවේදී කීර්ති රත්නායක විසින්.
ඔහු සිය ෆේස්බුක් ගිණුමේ පෝස්ටුවක් පළකරමින් මෙම චෝදනා එල්ල කොට සිටිනවා.
උපුටාගැනීම.
මාධ්‍යවේදී කීර්ති රත්නායකගේ ෆේස්බුක් පිටුවෙන්.
චමුදිත මෙවන් විනාශකාරී තැනකට යොමුවීමට හේතු කිහිපයක් බලපෑවා.
- චමුදිත MSD ආරක්ෂාව ලබා ගැනීමත් සමග ඔහුගේ youtube කන්ටෙන්ට් එක වෙනස් කලා.
හිරු නාලිකාවේදී ආණ්ඩුවට පහරදෙන චමුදිත, යූටියුබ් නාලිකාව හරහා ආණ්ඩුව බැලන්ස් කරා.
ඒ අනුව මට, ආණ්ඩුව සම්බන්ධ හෙළිදරව් වලට වලට සීමා වැටුනා.
උදාහරණ –
තුෂාර උපුල්දෙනිය අත්අඩංගුවට ගැනීමේ ඇතුලත කතාව කීමට අවස්ථාව දුන්නේ නෑ.
මාවනැල්ලේ මොහොමඩ් සොහොයෙල් අත්අඩංගුවට ගැනීමේ ඇතුළත කතාව කීමට අවස්ථාව දුන්නේ නෑ.
හිටපු පොලිස්පති සම්බන්ධ විමර්ශනය කමිටුවේ තතු හෙළි කිරීමට අවස්ථාව ලැබුණේ නෑ.
- චමුදිතට මුදල් විෂයේදී සදාචාර සීමා නැත. නීතිය සිදුරු කිරීමට වුවද බිය නැත.
චමුදිත මෑතකදී මෑතකදී මා වෙත මසකට රු 50000/= ලබාදීමේ යෝජනාවක් ගෙන ආවේය.
කෙසේ වුවද එම මුදල ලබා දෙන්නේ ලංකාවේ කුප්‍රකට පුද්ගලයෙකි. මම එම යෝජනාව අළුයම ලූ කෙල පිඩක් මෙන් ඉවත දැමුවා. තවද එකී කූට දානපතියා මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව මම චමුදිතට පෙන්වා දුන්නා.
- අවසාන කාලය වන විට පාර්ශ්වයන් කිහිපයක් මට තනියම youtube එකක් පටන් ගන්නා ලෙස යෝජනා කර තිබුණා. මා ඒ සම්බන්ධයෙන් චමුදිත දැනුවත් කොට තිබුණා.එම තත්ත්වය ඔහුට අභියෝගයක් වුනා විය හැක.
- මෑතකදී චමුදිත විජයදාසගෙන් සමාව ගත්තා.ඉන් ඔහුගේ ප්‍රතිරූපයට හානියක් වුණා. චමුදිත යළි නැගිටීමට කන්ටෙන්ට් එකක් අවශ්‍ය වුණා. ඒ සඳහා ඔහු මාව යොදා ගත්තා.
- කෙහෙල් බද්දර පද්මෙ සම්බන්ධයෙන් වැඩසටහනක් කිරීමට යෝජනා කළේ චමුදිතය.
එම දැනුම් දීමට අනුව මා ඔහුට “ලයින් අප්” එකක් යැව්වා. සාමාන්‍යයෙන් චමුදිත කරන්නේ යවන ලයින් අප් එකට අනුව වැඩසටහන කිරීමය. නමුත් එදා සිදුවුණේ යැවූ ලයින් අප් එකට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයකි.
චමුදිත, ප්‍රතිලාභයක් නොමැතිව කොහෙවත් යන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකුට මා පාවා දෙන්නේ නැත. ඔහු එසේ කරන්නේ ඊට මිලක් ඇත්නම් පමණි. බොහෝ විට මෙකී “පාවාදීමට” පාතාලයෙන් විශාල මිලක් ලැබුණා විය හැක.
උපුටාගැනීම අවසන්
කෙසේ වෙතත්, චමුදිත විසින් යූටියුබ් අවකාශයට මුදාහරින ලද මෙම වැඩසටහන මේ වනවිටත් සමාජ මාධ්‍යයේ විවිධ කතිකාවන්ට බඳුන් වෙමින් පවතිනවා.
එම වැඩසටහන නැරඹූ බොහෝදෙනෙක් පවසන්නේ වැඩසටහන ඉදිරිපත් කරන මොහොතේ චමුදිත විශාල පීඩනයකින් සිටි අයුරක් පෙනෙන බවයි.
එසේම, ඔහු වැඩසටහනේ ආරාධිතයා වූ මාධ්‍යවේදී කීර්ති රත්නායකට කතා කිරීමට කිසිදු අවස්ථාවක් නොදෙමින් හැසිරුණු ආකාරයද අසාමාන්‍ය එකක්.
එමෙන්ම, මෙවැනි සංවිධානාත්මක අපරාධකරුවෙක් එකවර දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වීම තුළද යම් ආකාරයක ගැටළු සහගත බවක් දක්නට ලැබෙනවා.
බොහෝ විට එම ඇමතු කළින් සැලසුම් කරන ලද එකක් යැයි මේ පසුබිම තුළ සිතිය හැකි වනවා.
එමෙන්ම, මෙම වැඩසටහන හේතුවෙන් ඇතැම්විට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට නීතිය ඉදිරියට යාමට සිදුවීමට ඉඩ ඇතැයිද සමහරුන් සැක පළ කරනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.