
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ලබාදුන් පොරොන්දු කෙතරම් ප්‍රමාණයක් ඉටුකර ඇත්දැයි ජනතා මත විමසුම ඔස්සේ මැන බැලීම සඳහා රාජ්‍ය නොවන සංවිධානයක් මගින් අන්තර්ජාල මෙවලමක් නිර්මාණය කොට තිබෙනවා.
“අනුර මීටරය” ලෙස හැඳින්වෙන්නේ මෙම අන්තර්ජාල වෙබ් යෙදුමයි.
මෙම යෙදුම නිර්මාණය කොට තිබෙන්නේ වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින්.
Verité Research යනු ආසියාවේ රජයන් සහ පෞද්ගලික අංශය සඳහා උපායමාර්ගික විශ්ලේෂණය සහ උපදෙස් සපයන ස්වාධීන ආයතනයක්. ඔවුන්ගේ ප්‍රධාන පර්යේෂණ අංශ වන්නේ ආර්ථික විද්‍යාව, දේශපාලනය, නීතිය සහ ජනමාධ්‍ය යන විෂය ක්ෂේත්‍රයි.
ඔවුන්ගේ manthri.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට අනුර මීටරය නැරඹිය හැකියි. එම මීටරයේ දැක්වෙන ආකාරයට ජනපතිවරයා දුන් පොරොන්දු ඉටුකර ඇති බවට පවසන්නේ අදහස් දැක්වූ ජනතාවගෙන් 5%ක් පමණයි.
එසේම, ජනපතිවරයා දුන් පොරොන්දු අර්ධ වශයෙන් ඉටුකර ඇති බවට, මෙතෙක් අදහස් පළ කළ අයගෙන් 36%ක් දෙනා පවසනවා.
ප්‍රධාන මුලාශ්‍ර තුනක් හරහා ලැබෙන තොරතුරු මත පදනම්ව මෙම මීටරය යාවත්කාලීන කෙරෙනු ඇති බවයි Verité Research ආයතනය පවසන්නේ.
එසේම, මෙම ප්‍රගති සමාලෝචනය එළඹෙන් ජූලි 08 වැනිදායින් අවසන් වන බවද එම වෙබ් යෙදුමේ සඳහන්.
පහත සබැඳිය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ජනපතිවරයාගේ ප්‍රගතිය පිළිබඳ අලුත්ම තත්වය නැරඹිය හැකියි.
https://manthri.lk/si/anura-meter
👆👆👆 අනුර මීටරය සඳහා පිවිසෙන්න.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.