
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනාට එරෙහි නඩුවේ චෝදනාවන්ට අදාළ ඇමිණුම් මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් වැය වන බව වාර්තා වනවා.
කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවෙ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය විසින් මේ බව දැනුම් දී තිබෙනවා.
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියේ එක් විත්තිකරුවකු වෙනුවෙන් ඇමිණුම් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 866,565ක මුලක් වැය වන බවත්, ඒ අනුව විත්තිකරුවන් 12 දෙනෙකු වෙනුවෙන් අදාල ඇමිණුම් මුද්‍රණය කිරීම සඳහා රුපියල් එක් කෝටි තුන් ලක්ෂ 98,780ක මුදලක් වැය වන බවත්ය.
එම ඇමිණුම් ලැබීමට දින 21ක් පමණ ගතවනු ඇති බවට රජයේ මුද්‍රණාලයාධිපති දැනුම් දී ඇති බවට කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, එහෙයින් දින 21කට පසුව එළඹෙන දිනයක මෙම නඩුව කැඳවන ලෙසටද අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව මෙම නඩුව එළඹෙන සැප්තැම්බර් මස 16 වනදා යළි කැඳවීමට නියමිතයි.