
පසුගිය ජුනි මාසයේ පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දියාවේ අහ්මදාබාද් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම බව මූලික විමර්ශන වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම යානය අහ්මදාබාද් ගුවන්තොටුපොළෙන් පිටත් වී සුළු මොහොතකට පසු වෛද්‍ය විද්‍යාලීය නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩාවැටී අනතුරට ලක්වුනා.
ගුවන් යානය ගුවන් ගත වී තත්පර කිහිපයකින් අනතුරට පත් වීමට ප්‍රධානතම හේතුවක් ලෙස එහි එන්ජින් දෙකම එකවර ක්‍රියා විරහිත වීම බව ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ (AAIB) වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.යානය ගුවන් ගත වීම සඳහා අවශ්‍ය උසට ළඟා වී තිබියදීත්, එහි එන්ජින් දෙකම ‘ක්‍රියාත්මක’ (RUN) තත්ත්වයේ සිට ‘විසන්ධි කළ’ (CUTOFF) තත්ත්වයට පත් වීම විමතියට කරුණක් වී ඇති බව සඳහන්.
ඉන්ධන ගමන් කිරීමට අවශ්‍යව තිබූ එම ස්විච්චය කිසිවෙකු ඕෆ් කර තිබූ බවත් අනතුරට පෙර තත්පර කිහිපයේ ඕෆ් කිරීම කළේ කවුද යන්න ගැන සංවාදයක් නියමුවන් අතර ඇතිවූ බවත් පටිගතවූ දත්ත අනුව හෙළිව තිබෙනවා.
පටිගත දත්ත අනුව එක් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාගෙන් අසා ඇත්තේ ‘RUN සිට CUTOFF’ ලෙසට මාරුකළේ ඇයි දැයි යනුවෙනි. එහෙත් අනෙක් නියමුවා ඊට පිළිතුරු දී ඇත්තේ තමා එසේ නොකළ බවයි. ඒ හේතුවෙන් අදාළ ස්විචය යළි තිබිය යුතු ස්ථානයට ආපසු හරවන අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙම පාලන ස්විච්චය ස්වංක්‍රියව ක්‍රියා නොකරන අතර, එය ගුවන් නියමුවන් විසින් සිදුකරන කාර්යයක් බව සඳහන්. එලෙස ඉන්ධන ස්විචය අක්‍රිය වන්නේ ‘අතිශය දුර්ලභ’ අවස්ථාවකදී බව ගුවන් විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
මෙම අනතුර සිදු වූයේ 2025 ජූනි 12 වන දින ඉන්දීය සම්මත වේලාවෙන් පස්වරු 1:39 ට ය.අනතුරින් ගුවන් මගීන් 229 දෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනෙකු සහ යානය කඩා වැටුණු ස්ථානයේ බිම සිටි පුද්ගලයන් 19 දෙනෙකු ඇතුළුව මුළු පුද්ගලයන් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.එක් මගියෙකු පමණක් බරපතල තුවාල ලබා දිවි ගලවා ගෙන . තිබුණා. .යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ අතර, අනතුර හේතුවෙන් බිම පිහිටි ගොඩනැගිලි පහකට ද අධික හානි සිදුවුණා.
අනතුරට පත් යානය 2012 වසරේ නිෂ්පාදනය කරන ලද්දක් වන අතර, එහි නඩත්තුව සම්බන්ධයෙන් විශාල දෝෂයක් වාර්තා වී තිබී නැහැ.ගුවන් ගමන ආරම්භ කරන අවස්ථාවේ යානයේ මගීන් 230ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනෙකු සිට ඇති අතර, යානයේ බර නියමිත සීමාව තුළ පැවති බවත්, කිසිදු අන්තරායකාරී භාණ්ඩයක් ප්‍රවාහනය නොකළ බවත් තහවුරු වී තිබෙනවා.
යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් සාර්ථකව පරීක්ෂා කර ඇති අතර, අනතුර සිදු වූ කාලය ද ඇතුළුව පැය 46ක පියාසැරි දත්ත සහ පැය 2ක නියමු කුටියේ හඬ පටයක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා.අනෙක් කළු පෙට්ටියට දැඩි හානි සිදු වී ඇති බැවින් එයින් දත්ත ලබා ගැනීමට හැකි වී නැහැ.වාර්තාවට අනුව, ගුවන් ගත වීමට 08:07 UTC වේලාවට අවසර ලැබී ඇති අතර, මිනිත්තු දෙකකට පසු 08:09 UTC වේලාවේදී නියමුවා විසින් “MAYDAY” හදිසි ආපදා සංඥාව නිකුත් කර . ඇති බව සඳහන්.