
ඉකුත් ජුනි 17 වැනි දින අල්ලස් කොමිසම මගින් තවත් දෙදෙනකු සමග අත්අඩංගුවට ගෙන එළඹෙන අගෝස්තු 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නට එරෙහිව පැමිණිලි 100 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි වාර්තා වනවා.
මෙසේ පැමිණිලි ලැබී ඇත්තේ ඇය විසින් සිදු කරන ලදැයි සැලකෙන ශල්‍ය උපකරණ සම්බන්ධ මූල්‍යමය විෂමාචාර සම්බන්ධයෙනුයි.
මේ බව හෙළිකරමින් අල්ලස් කොමිසම දැනුම් දෙන්නේ මෙම වෛද්‍යවරියගේ ක්‍රියාවන් හරහා අසාධාරණයට ලක් වූ තවත් පිරිස් සිටී නම් 1954 ක්ෂණික දුරකථන අංකය හෝ ciaboc_gen@ciaboc.gov.lk විද්‍යුත් තැපෑල හරහා තම පැමිණිලි යොමු කරන ලෙසටයි.