
නමගිය පාතාල කල්ලි නායක ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුව තුළම වෙඩි තබා ඝාතනය කල පාතාල මෙහෙයුමේ මහමොළකරු බවට සැකකෙරෙන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් “කෙහෙල්බද්දර පද්මේ” ඔහුගේ සමීප සහචරයා වන කොමාන්ඩෝ සලින්ත නැමැත්තා මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වන පුවත ඊයේ මෙරට සියලු මාධ්‍ය විසින් යුහුසුළුව වාර්තා කළා.
එහෙත් තවමත් මේ සම්බන්ධයෙන් පවතින්නෙ අවිනිශ්චිත තත්වයක්.
මැලේසියානු පොලිසිය විසින් තවමත් මේ සම්බන්ධ නිවේදනයක් ශ්‍රී ලංකා රජය වෙත නිකුත් කොට නැහැ.
මේ අතරේ කෙහෙල්බද්දර බද්මේට සහ කොමාන්ඩෝ සලින්තට අයත් බව කියන ෆේස්බුක් ගිණුම් දෙකක් හරහා තමන් නිරුපද්‍රිතව සිටින බවට පවසමින් ඔවුන් විසින් පෝස්ට් ශෙයාර් කරගෙන ඇති බවට පුවතක් වාර්තා වනවා.
ඔවුන් විසින් පළකල බව කියන මෙම පෝස්ට්, ලංකා පාතාලය නැමැති ෆේස්බුක් පිටුව හරහා නැවත බෙදාහැර තිබුණේ මේ අයුරින්.

“මං මැලේසියාවේ පොලිසියේ අපා දුක් විඳිනවා”
මේ අතර කෙහෙල්බද්දර පද්මේගේ බව පැවසෙන ෆේස්බුක් පෝස්ටුවෙන් ඔහු තමා අත් අඩංගුවට පත් වූ පුවත අසා සතුටු වූ අයට උපහාසය පළ කොට තිබුණේ මේ අයුරින්.
සම්පූර්ණ කතාව සඳහා වීඩියෝව බලන්න.