
අද (10) පුදුකුඩිරිප්පු පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් එල්.ටි.ටි.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානයේ නායකයින් භාවිතා කළ බවට සැකකෙරෙන මුලතිව්, පුදුකුඩිරිප්පු මණ්ඩුවිල්හි භූගත බංකරයක් තුළ අවි ආයුධ තොගයක් සොයා කැණීම් ආරම්භ කරනු ලැබුවා.
පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාට භූගත බංකරය තුළ එල්.ටි.ටි.ඊ සංවිධානයේ අවි ආයුධ පවතින බවට ලැබුණ බුද්ධි තොරතුරක් මත මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ අධීක්ෂණය යටතේ කැණීම් ආරම්භ කළ බව පුදුකුඩිරිප්පු පොලිසිය සඳහන් සිටියා.
2009 වසරේදී මෙම ස්ථානය එල්.ටි.ටි.ඊ සංවිධානයේ ප්‍රධාන කඳවුරක් ලෙස පැවතියදී ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබූ අතර එම කඳවුරේ විශාලත්වය අක්කර 2කට අධික බවත්, අඩි 20 පමණ ගැඹුරින් යුතු මෙම භූගත බංකරය පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හේතුවෙන්, බංකරයට ඇතුළුවන ස්ථාන විනාශවී ගොස් ඇති බවත් පොලිසිය කියා සිටියා.
පුද්ගලික ඉඩම් අත්පත්කරගෙන ඉදිකොට තිබූ මෙම කඳවුර බිම්බෝම්බ ඉවත්කිරීමෙන් පසු නැවත මුල් හිමිකරුවන් ලබාදී තිබූ අතර භූගත බංකරයට ඇතුළුවීමට නොහැකි වීම හේතුවෙන් ආරක්ෂක අංශ එය පස් යොදා වසාදමා තිබුනත් බංකරය තුල එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සිවිල් වැසියන්ගෙන් පැහැරගත් රත්තරන් සඟවා ඇති බවට වූ සැකයන් මත විවිධ පිරිස් භූගත බංකරය හෑරිමට උත්සහ කොට ඇති බවත් පොලිසිය පැවසුවා.