
අද (10) උදෑසන 9.04ට පමණ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ හටගෙන තිබේ.
පොළොව මට්ටමේ සිට කිලෝමීටර 10ක පමණ ගැඹුරකින් හටගත් මෙම භූකම්පනය නව දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශයන්ට දැනී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
මෙම භූකම්පනයෙන් වූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.