
මාතර සිට නුවරඑළිය දක්වා සංචාරයක් සදහා තරුණයන් පිරිසක් රැගෙන ධාවනය වූ වෑන් රථයක් අද (10) හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
එම වෑන් රථයේ ගමන් ගත් තරුණයන් 08 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව නානුඔය පොලිසිය පවසනවා.
අනතුරින් තුවාල ලැබූ පිරිස ඩෙස්පෝඩ් ප්‍රදේශයේ වතුකම්කරුවන් ඇතුලු ප්‍රදේශවාසීන් එක්ව ගොඩගෙන රෝහල් ගත කිරිමට පියවර ගෙන තිබෙනවා.
ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් වෑන් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් පොලිසිය සඳහන් කර සිටිනවා.