විමල් CID එයි! ආණ්ඩුවට අනිච්ඡාවත සංඛාරා!

මතභේදාත්මක බහාලුම් 323 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී සිදු කරන ලද අදහස් දැක්වීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

මෙම කැඳවීම සිදු කොට ඇත්තේ 2025 ජනවාරි 29 වන දින පැවැති ජනමාධ්‍ය හමුවකදී ඔහු පළ කළ අදහස් සම්බන්ධයෙන්.

දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට ඇතුළුවීමට පෙර හිටපු අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් ප්‍රකාශයක් සිදු කළ අතර, එහිදීද ඔහු රජයේ ක්‍රියාකලාපය පිළිබඳව බරපතල අයුරින් විවේචනය කළේ,

“මෙහෙම ගියොත් ආණ්ඩුවට අනිච්ඡාවත සංඛාරා තමයි” යනුවෙන් පවසමින්.

හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.