වනිඳුට පළමු තරගය අහිමි වෙයි?

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග හට බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20-20 තරගය මගහැරීමට ඉඩ ඇති බවට පුවතක් වාර්තා වේ.

මෙසේ ඔහුට තරගයට සහභාගි වීමේ ඉඩප්‍රස්ථා මගහැරී යන්නේ ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ඇතිවූ ආබාධයක් හේතුවෙන් බව වැඩිදුරටත් වාර්තා වේ.

පළමු 20-20 තරගය හෙට රාත්‍රී .007ට පල්ලේකැළේ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.‍

මේ අතර බංග්ලාදේශයට එරෙහිව වසර හයකට පසුව ලැබූ එක්දින තරගාවලි ජයග්‍රහණය පිළිබඳ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් ඊයේ තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කොට සිටියේ මේ අයුරිනි.

වීඩියෝව පහතින් නරඹන්න.