
පිටත්ව යන ගුවන් යානයක එන්ජිමක් තුළට ඇදී ගොස් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පුවතක් උතුරු ඉතාලියේ මිලාන් ගුවන්තොටුපළෙන් වාර්තා වනවා.
මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ වයඹදිග ස්පාඤ්ඤයේ ඇස්ටූරියස් බලා යෑමට මිලාන් බර්ගමෝ ගුවන්තොටුපළේ සිට ගුවන් යානය පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේදීයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට යානය ගුවන්ගත වීමට සූදානම් වෙමින් සිටියදී පුද්ගලයෙකු ධාවන පඨයට දිව ගොස් ඇති අතර, හදිසියේම ඔහ්ය් යානයේ එන්ජිම තුළට ඇදී ගොස් තිබෙනවා.
ගුවන්තොටුපළෙන් පිටත සිට ධාවන පථයට ළඟා වීමට මෙම පුද්ගලයාට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳව බලධාරීන් විසින් මේ වනවිටත් පරීක්ෂණයක් සිදු කෙරෙන බවද සඳහන්.