
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වසර 40ක් පැරණි පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
1985 දී විවෘත කරන ලද, දිගින් මීටර් 900කට ආසන්න වන මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක් ඇතුළු වාහන 4ක් ගඟට වැටී ඇති අතර, පුද්ගලයින් පස්දෙනෙකු දිවි බේරාගෙන ඇති බවත් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවත් වාර්තා වනවා.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කොට ඇති අතර, අතුරුදන් වූවන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි.