
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නවතම ගීතය පිළිබඳ පුවත අපි මීට මොහොතකට පෙර ඔබ වෙන ගෙන ආවා.
දැන් වාර්තා වන නවතම පුවත වන්නේ විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා ඇති බවට වන ආරංචියයි.
ඔහුව මෙසේ කැඳවා ඇත්තේ හිටපු මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය හමුවකදී පල කළ අදහස් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයා හෙට උදෑසන 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය 04 හමුවේ පෙනී සිටීමට නියමිතයි.
විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයා විසින් රජය බරපතල ලෙස විවේචනය කරමින් ඉකුත් දා දීර්ඝ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
එම දීර්ඝ ප්‍රකාශය අප යූටියුබ් නාලිකාවේ සම්පූර්ණයෙන්ම පළ කොට තිබෙනවා.
ඔබට අවශ්‍ය නම් එම ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.
පෙරපුවත👇👇👇