විමල් දේශපාලනය අතහරී! ගායකයෙක් වෙයි!

ඊශ්‍රායල් හා ඇමරිකානු ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් සහ පසුගියදා එම දෙරට විසින් ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් ගීතයක් ගායනා කොට තිබෙනවා.

ඔහු විසින්ම රචිත “කාගේද මේ මූනිස්සම්?” නැමැති මෙම ගීතය අද (08) දහවල් ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී යූටියුබ් හරහා ජනගත කිරීම සිදු කෙරුණා.

මෙම ගීතයේ සංගීත නිර්මාණය ඉසුරු වික්‍රම විසින් සිදු කොට ඇති අතර, රූප රචනය Clay House Production ආයතනය විසින් සිදුකොට තිබෙනවා.

එම ගීතය ඇතුළත් වීඩියෝව පහතින්.