පාන්දරම කොස්ගම වෙඩි! දැරියක් ඇතුළු තිදෙනෙක් රෝහලට (VIDEO | UPDATED)

අද (06) අලුයම කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් තිදෙනා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වන අතර, පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන් වනවා.

මෙම වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මවක්, 12 හැවිරිදි දියණියක් සහ තවත් 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කොට තිබෙන අතර, වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු කිසිවක් අනාවරණය වී නැහැ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලිසිය විසින් වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.